මොකද අපි යන්නේ අලුත් දේශපාලන සංස්කෘතියකට. අපි එතනට යනකොට මේක ජනතාවගේ ජයග්‍රහණයක්. අපි ජනතාවට සේවය කරන්නෙ කියලා මතක තියාගන්න ඕන. ඒ සේවය මුළු ලංකාවටම ගෙනියන්න ඕන.ශ්‍රී ලංකික තරුණ, තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන..." යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
අගමැතිවරයා මේ බව පැවසුවේ මාතර, දෙණියාය නායමුල්ල ප්‍රදේශයේ වැඩසටහන් සඳහා ඊයේ හා පෙරේදා එක්වෙමින් බව මාධ්‍ය වාර්තා කර ඇත.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"අපි දැන් ඊළඟ ජන්දයට සූදානම් වෙන්න ඕන, ජූලි මාසයේ ඒ පිම්ම පනින්න ඕන, ඒ ඡන්දයේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගන්න තීන්දුව එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් කරන්නෙ නෑ කියලා මට කිවුවා... අපටත් ඕන වෙලයි තිබුණෙ එතුමා නිදහස් පක්ෂයේ සභාපති කරන්න. දැනට චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද මහත්තයත් ඒ පක්ෂය තුළ ඉන්නවා. මේ දෙන්න එකතු වෙලා කතා කරනවද කියලයි ලොකුම ප්රශ්නය"