උද්ඝෝෂණ වලට පහරදීමට යෙදවූ ඝෝඨාගේ කුලී මැරයන් දෙදෙනෙකු හඳුනාගැනේ.

Published in පුවත්
Wednesday, 21 January 2015 14:48

මෙම ප්‍රවෘත්තියෙහි දැක්වෙන ඡායාරූප දෙකෙහි සිටින්නේ හිටපු අගවිනිසුරු තුමියට විරුද්ධව පැවති දෝශාභියෝගය පිළිබඳ අප්‍රසාදය පලකිරීම සදහා පැවති උද්ඝෝෂණයට පහර දීම සඳහා රාජපක්ෂ රෙජිමය ගෙන ආ කුලී මැරයන් අතරින් අප විසින් මේ වනවිට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා පිළිබඳව මේවනවිට අනාවරණය කරගෙන ඇති තොරතුරු වලට අනුව, මොවුන් දෙදෙනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ සේවය කල කුලී මැරයන් දෙදෙනෙකි.

Sunanda

පළමු ඡායාරූපය

Ranga
දෙවන ඡායාරූපය

මෙහි පලමු ඡායාරූපයේ පෙනී සිටින පුද්ගලයාගේ නම සුනන්ද ලියනපතිරන වන අතර, දෙවැනි ඡායාරූපයේ සිටින්නේ ඔහුගේ හෙන්චයියෙකු වන රවී නැමති පුද්ගලයාය. මොවුන් දෙදෙනාම පදිංචිව සිටුනුයේ කොළඹ -05 නාරාහේන්පිට ප්‍රදේශයේ වන අතර. සුනන්ද නාරාහේන්පිට මහවත්ත ප්‍රදේශයේ ද, රවී නාරාහේන්පිට බෝල මේස වත්ත ප්‍රදේශයේ ද පදිංවිව සිටී.

නාරාහේන්පිට මහවත්ත ප්‍රදේශයට පාතාල ක්‍රියාකාරකම් අළුත් දෙයක් නොවූව ද, 1990 දශකයේ මුල් අවධියෙන් පසුව එමෙන්ම ප්‍රදේශය තුල සිටි තරුණයින් ප්‍රදේශයේ මත් කුඩු සහ ගන්ජා ව්‍යාපාරය කරගෙන යාමට විරුද්ධව පෙළ ගැසීමත් සමඟ මහවත්ත පාතාලයේ ග්‍රහනයෙන් සම්පූර්ණයෙන්ම වාගේ මිදුන අතර ප්‍රදේශය තුල සාමකාමී වාතාවරණයක් දක්නට ලැබින.

නමුත් මෙම තත්වය ක්‍රමක්ක්‍රමයෙන් වෙනස්වන්නේ සුනන්ද විසින් ප්‍රදේශය තුල සිටි තරුණයන් පිරිසක් එකතු කරගැනීමත් සමඟය. සුනන්ද ඒවනවිට සේවය කලේ මිල්කෝ සමාගමේ වන අතර ඔහු පලමුවෙන්ම ප්‍රස්ද්ධ මැර ක්‍රියාවකට සම්බන්ධ වන්නේ තමා වටා වූ තරුණයන් කිහිප දෙනා ලවා එවකට මිල්කෝ සමාගමේ සිටි වෘත්තීය සමිති නායකයා බියවද්දා පලවා හැර එම තනතුර තමා සතු කරගනිමිනි.

මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස පත්වීමත් සමඟ ඔහු ඒ හරහා ඇති බලය උපයෝගී කරගෙන තම සහචරයින් මිල්කෝ සමාගම තුල සේවයට යොදවාගන්නා ලදී. මොවුන් උපයෝගී කරගෙන මිල්කෝ සමාගමේ ඇති භාන්ඩ තොග සොරකම් කිරීමත් ඊට අමතරව අනෙකුත් සේවකයන්ගෙන් කප්පම් ගැනීමත් ආරම්භ කරන ලදී. මේවාට සම්බන්ධයෙන් මොහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නඩුවක් ද විභාගවෙමින් පවතී.

මේ අතරතුර හිටපු එ.ජ.නි.ස. සංවිධායක දයාකාන්ත පෙරේරා සමඟ දැනහැඳුනුම් කමක් ඇතිකරගන්නා මොහු ගෝඨාභය රාජපක්ෂගේ කුලී මැරයෙකු ලෙස වැඩ අරඹන්නේ ඒ ආධාරයෙනි.

මොහුගේ ක්‍රියා කලාපයේ මීලඟ පෙරළිය වන්නේ ඔහුගේ බිරිඳට එ.ජ.නි.ස. කොළඹ මහනගර සභාවට නාමයෝජනා ලබාගැනීමයි. පලමුව මොහු විසින් නාමයෝජනා ලබාගැනීමට තැත්කල නමුත් ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධය මත එය හකුලා ගැනීමට සිදුවන අතර ඝෝඨාභය සහ හිටපු එ.ජ.නි.ස. සංවිධායකවරයෙකු වූ දයාකාන්තගේ පෙරේරාගේ උදවු මත තම බිරිඳ වෙත නාමයොජනා ලබාගැනීමට සමත් වුනි.

එම ප්‍රාදේශීය සභා මැකිවරණ සමයේ ප්‍රදේශය තුල සිදුවූ පහර දීම් බොහොමයකට සම්බන්ධයෙන් ජනතාව ඇඟිල්ල දිඟු කරන්නේ මොහුට වන අතර, මේවා සම්බන්ධයෙන් මොහුට විරුද්ධව නාරාහේන්පිට පොලීසියේ පැමිණිලි ද සටහන් වී ඇත. ඒ කිසිඳු පැමිනිල්ලකට නිසි අවධානයක් යොමු නොවූයේ ඝෝඨාභයගේ බලපෑම මත බවත් පොලිස් නිලධාරීන් විසින්ම ඔවුන් වෙත සඳහන් කල බව ප්‍රදේශවාසීහු අපවෙත පැවසීය.

2011 මොහුගේ බිරිඳගේ ජයග්‍රහනයත් සමඟ මොහු තම බලය තවදුරටත් පතුරවන ලද අතර, ඒ වන විට මහවත්ත ප්‍රදේශය තුල නතරවී තිබුන ගන්ජා ව්‍යාපාරය මොහුගේ මල්ලී වන නුවන් ලියනපතිරණ හෙවත් වේලා විසින් ආරම්භ කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකු දුන් ඔත්තුවක් මත මොහුව එක් වරක් අත්අඩංගුවට ගත්ත ද, සුනන්ද තම සබඳතා උපයෝගී කරගෙන ඔහුව බේරාගන්නා ලදී. මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ කේරල ගන්ජා සහ මත් කුඩු ව්‍යාපාරය තොගවශයෙන් කරගෙන යන කිහිපදෙනා අතරට වේලා ද එක් වී සිටී.

මීට අමතරව මොහු විසින් නාරාහේන්පිට දුම්රිය ස්ථානය ඉදිරිපස ඇති දුම්රිය දෙපාර්ථමේන්තුවට අයත් ඉඩමක් අල්ලාගෙන ඇති අතර එහි මේවනවිට ගොඩනැඟිල්ලක්ද ඉදිකර තිබේ. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම විසින් මේ ඉඩම තමාවෙත පවරා දුන් බවයි. මීට අමතරව නාරාහේන්පිට ජාතික පොලෙහි ඇති කඩසාප්පු කිහිපයක ද අයිතිය මොහු විසින් අත්පත් කරගෙන ඇති බව අප වෙත වාර්ථා වී ඇත.

මොහුගේ සහ මොහුගේ ගෝලබාලයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස කලකිරී සිටින අතර, ප්‍රදේශයේ තරුණයින් කිහිපවරක්ම මොහුත් සමඟ ගැටුම් ඇති කරගන්නා ලද බවත් දැනගන්නට ඇත. මොහු පිලිබඳ නිසි පරීක්ෂන පවත්වා නිසි ආකාරයෙන් දඬුවම් නොකලහොත් ප්‍රදේශයතුල උනුසුම්කාරී වාතාවරණයක් ඇතිවීම වැලැක්විය නොහැක්කක් බවට පත්වනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය...

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉ...

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු,  දැන් වියරුවෙන්.

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ග...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us