මෙම මුදල අරලිය ගහ මැදුරේ කාමරයක තිබී ඇති අතර ඒවා ලංකාවේ වලංගු මුදලින් මෙන්ම විදේශ මුදලින්ද තිබි ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම කෝටි 1500 ක මුදල රුපියල් 10,20,50,100.. ආදී මුදල් නෝට්‍ටු වලින් වීමය.
මෙවැනි කුඩා නෝට්‍ටු තොගයක් මෙලෙස එකතුවිය හැක්කේ දේවාල පින් කැටයකකට පමණක් විය හැකි බව මේ ඇසින් දුටුවෝ පවසති. කෙසේ නමුත් පසුගිය කාලයේ ශෂීන්ද්‍ර රාජපක්ෂ බස්නායක නිලමේ තනතුර දැරූ කතරගම මහ දේවාලයේ පඩුරු මුදල් හොර පාරේ යන බවට චෝදනා එල්ල වී තිබිණි.
මෙම මුදල් තොගය රැගෙන යාමට අපහසු නිසා දමා යන්නට ඇති බවත් පෙනී යන බව එහි සේවකයන් පවසා සිටිති