මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන මරණ තර්ජන කතාව බොරුවක්

Published in පුවත්
Friday, 16 January 2015 10:17
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිම මන්ත්‍රීවරයකු හෝ එජාපයට සහ පොදු විපක්ෂයට සම්බන්ධ කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මරණ තර්ජන නොකරන බවත් එම චෝදනා මන්ත්‍රීවරයා ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් මිදීමට ගන්නා උපාය මාර්ගයක් බවත් දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පවසයි.
 
ඒ මහතා එසේ පැවසුවේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය,
 
අපි හිටපු ජනාධිපතිරයාට තියෙන්නේ ගෞරවයක්. ඒ මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් නිසා. ඒ ගෞරවය නිසා අපි හම්බන්තොට ජයග්‍රහණයෙන් පසු පෙළපාලි ගියේ නෑ. කිරිබත් කෑවේ නෑ.
 
අපි අපේ ජයග්‍රහණය නිහතමානීව සැමරුවා. නමුත් සන්ධානය ජයගත්තා නම් තත්ත්වය වෙනස්. එමෙ කරපු අපිට දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා චෝදනා කරනවා මාධ්‍ය හරහා මරණ තර්ජන තිබුණු බවට මම කියන්නේ අපිට හම්බන්තොට පොදු විපක්ෂයේ කිසිම කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි දැන් සිදු කරන්නේ යහ පාලනයක්. අනිත් එක එතුමාගේ පියා වන හිටපු ජනාධිපතිවරයාට අපේ ගෞරවක් තිබෙනවා.
 
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එල්ලවන නොයෙකුත් චෝදනා වසා ගන්නා දැන් මෙවැනි මාධ්‍ය මෙහෙයුම් සිදු කරනවා.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලඥයන් විදියට මම වගකීමෙන් කියනවා ඔය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියු ආකාරයේ කිසිදු තර්ජනයක් අපේ පැත්තෙන් නම් සිදු නොවු බව. ඒ සමඟම අපි ඉල්ලා සිටිනවා එතුමාගේ ආරක්ෂාව සපයන ලෙසත්. මේ නව රජය කිසිදු ආකාරයකින් නීතියට පිටින් කිසිවක් කරන රජයක් නොවෙයි.
 
අපේ පොරොන්දුවත් එයයි. අපි ක්‍රියාත්මක කරන්නෙත් එයයි. අපේ පාලනයේ ප්‍රධාන දේ නීතිය සැමට එකයි කියන එක. එසේම මම නාමල් මන්ත්‍රීවරයාගෙන් ද ඉල්ලා සිටිනවා ජනතාව නොමඟ යවන ‍ප්‍රවෘත්ති පල නොකරන ලෙස.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us