ගෝඨාගේ වැලිකඩ සංහාරයේ තොරතුරු එළියට

Published in පුවත්
Friday, 16 January 2015 09:28

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් පිරිසක් මියයෑමේ සිද්ධියට අදාළ මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරු රැසක් රජය වෙත ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.

සිරකරුවන් හා ආරක්‍ෂක අංශ නිලධාරීන් අතර පැවැති වෙඩි හුවමාරුවේදී එම සිරකරුවන් මියගිය බව ඉහළ බලධාරීන් සිය වාර්තාවලින් දක්වා තිබුණත් එය හිතාමතා කළ ඝාතනයක් බව එම නිලධාරීන්ගේ මතය වී තිබේ.

එම සිරකරුවන් මියයෑම ඝාතන සිද්ධියක් බවට තහවුරු කිරීමට අදාළ ඡායාරූප රැසක් එම නිලධාරීන් සතුව පවතින බවද මෙම සිද්ධිය සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ ඇතැම් තොරතුරු සත්‍යයෙන් තොර බවද එම නිලධාරීන්ගේ මතය වී ඇත.

2012 නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරයේදී මේ කැරැල්ල සිදුව තිබූ අතර මේ සිද්ධියෙන් සිරකරුවන් 27කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබිණි.

 

 

-mawbima

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us