අටපට්ටම් හසන්ත, පට්ටමක් ගන්න රට්‍ටු හිනස්සයි; කඩේ ගියේ මෛත්‍රීටලු !

Published in පුවත්
Thursday, 15 January 2015 20:55

ස්වාධීන රූපවහිනියේ අටපට්ටම හා දොරමඬලාව නම් ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කළ හසන්ත හෙට්ටි ආරච්චි මහතා පසුගියදා ජාතික හෙළ උරුමයේ නායකයකු හමු වී තමන් දිගටම වැඩ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බැවින් තමන්ට නව ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී(වැඩසටහන්) තනතුර ලබා දෙන ලෙස බැගෑපත්ව වැඳවැටී තිබේ.

මෙම කත බහ අතරේදී වූ ඇති විසුළුකාරීම සිදුවීම නම් හසන්ත හෙට්ටිආරච්චි තමන් විසින් ඉදිරිපත්කළ 'දොරමඩලාව' වැඩසටහන අදාලව පවත්වාගෙන ගිය 'ෆේස්බුක් මිතුරු පි‍ටුව'ද මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගත් බව පැවැසීමය.

එය මුළු මනින්ම මුසාවක් වන අතර එම පි‍ටුව පවත්වාගෙන ගියේ වෙනත් පිරිසක් විසිනි. ඊට හසන්ත ගේ සම්බන්ධයක් තිබුණේ නැත. එහෙත් එම දොරමඩලාව නම් පි‍ටුවේ ඇඩ්මින්වරු තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ හසන්ත හෙට්ටි ආරච්චිව අරලිගහ මන්දිරයටම ගෙන්වා පට්ට පතුරු යැව් බව නම් සතයකි. එහිදි ඒ තමන් නොදන්නා බවත් පවසා තිබිණි. එවකට හසන්ත කටයුතු කළේ රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පැල් බැඳගෙනය.

කෙසේ නමුත් හසන්තට මෙම තනතුර ගැනීම සඳහා අටපට්ටම් බොරු ගැසීමට අමතරව ආයතනයේම තවත් නිළධාරියකු සමඟ සටනක් දීමට සිදුව තිබේ. ඒ ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාටය නිශ්පාදකයකු වූ සඳරුවන් ජයවික්‍රම ද මෙම තනතුර ලබා ගැනීම සඳහා ජාතික හෙල උරුමයේම නායකයකු හමුවී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා විශාල වැඩ කොටසක් ආයතනය තුලත් ඉන් පිටතදීත් සිදු කල බව පවසා ඇත.

එහෙත් අපගේ දැනීම අනුව සඳරුවන් ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනිය තුල දකින්නට සිටියේ නැත. ඔහු සිටියේ ගෝඨාබය රාජපක්ෂ සමඟ ජනාධිපතිවරණයට අදාල රූපවාහිනී දැන්වීම් නිර්මාණය කරමින්ය. ඒ සඳහා ඔහු ආයතනයේ ප්‍රධානින්ගේ අවසරයද ලබාගෙන තිබිණි.

 

සැබැඳි පුවත් : ITN දොරමඬලාවත් මෛත්‍රීට !

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us