'දයාසිරි-හරීන් පෙර ආත්මයේ තිරිසනුන්' -මර්වින්

Published in පුවත්
Tuesday, 15 July 2014 11:40

දයාසිරි-හරීන් පෙර ආත්මයේ තිරිසනුන් විය හැකි බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

පසුගියදා දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදී මහ ඇමති දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අතර වූ ගැටුම්කාරී තත්වය ගැන අදහස් දක්වමින් ඇමතිවරයා එසේ ප්‍රකාශ කලේ, දං ඕවිට, වඩුවත්ත පුරාණ ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

''ප‍්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක පසුගිය දවසක අපේ දේශපාලනඥයෝ දෙන්නෙක් බොක්ෂිං ශූර මයික් ටයිසන් වගේ සපා ගත්තා. පෙර භවයක සත්ත්ව ලෝකයේ ඉඳල මොකක්දෝ පිනකට මේ ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලබලා පෙර ආත්මයේ සුපුරුදු ක‍්‍රියාකාරකමක් කළා වගෙයි ඒ සිද්ධිය.

මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නව සතර අපායෙ ඉඳලා, දුක් විඳලා දුක් විඳලා පොඩි පිනක් තිබිල මනුෂ්‍ය ආත්මයක් ලබල ආපු අය. ඒ අය මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වුවත් නරකාදියෙ පුරුද්ද තියෙනව. ලේ බේරි බේරි අමු මස් කනවා. මනුෂ්‍යයො වෙලත් මනුෂ්‍යයොම සපා කනවා.

පසු ගිය දවසක දේශපාලනඥයො දෙන්නෙක් ප‍්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක විවාදයකට එක් වෙලා එකිනෙකා හපා ගෙන තියෙනවා. ඒ සතුන්ගෙ සිරිත්. මනුෂ්‍යයො වෙලත් තිරිසන් ලෝකයේ වැඩ කරනවා. සමාජයට සෑම විටම ආදර්ශයක් දිය යුතු අය එසේ හැසිරීම බරපතළ වරදක්. රටට සමාජයට අහිතකර ආදර්ශයක් දීම තමයි එතැනදි සිද්ධ වුණේ’

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us