ෆිෆා 2014 ඉන්ටර්නෙට් වාර්තා තබයි

Published in පුවත්
Monday, 14 July 2014 11:28

නිමාවට පත්වු 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹු ඉසව්ව ලෙස වාර්තා අතරට එක්ව ඇත. අමෙරිකාව තුල පමණක් මිලියන 5යි දශම 3ක් අන්තර්ජාලය ඔස්සේ මෙවර තරගාවලිය නරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රූපවාහිනි විකාශන කටයුතු භාර අධ්‍යක්‍ෂ නිකලස් එරික්සන් ප‍්‍රකාශ කර ඇත්තේ එම තරගාවලිය සන්නිවේදන ඉතිහාසයේ වර්තා රැසක් බිඳ හෙලීමට සමත්ව ඇති බවයි.

ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය අතරතුර අන්තර්ජාලය ඔස්සේ අතිවිශාල පිරිසක් එය නැරඹිම හේතුවෙන් අන්තර්ජාල දත්ත හුවමාරු වේගය පවා සිඝ‍්‍රලෙස පහත වැටී තිබුණු බව විදෙස් වාර්තා අනාවරණ කරයි.

රූපවාහිනිය ඔස්සේ එම තරගය නැරඹු පිරිස ද නිසැකවම පැරණි වාර්තා බිඳ දමනු ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

හිමිකම් සහිත රූපවාහිනි ආයතන 40ක් සහ තවත් නාලිකා 120ක් ඔස්සේ මෙම තරගය ලොව පුරා විසුරුවා හරිනු ලැබිය.

ෆිෆා වෙබ් අඩවියට ඇතුලත් කළ දර්ශන මිලියන 10කට වඩා බාගත කළ අවස්ථා 20ක් වාර්තා වු බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කරයි.

(නෙත් එෆ්.එම් )

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us