කැබිනට් මණ්ඩලය නම් කිරීම අදයි

Published in පුවත්
Monday, 12 January 2015 13:04

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (12)දිනයේ දිවුරුම්දීමට නියමිතව අැත.

මෙම කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙලෙස තිස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්වනු ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලය සඳහා ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කර ඇති බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේය.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ඇමති මණ්ඩලයට ඇතුළත් වීමට වඩා නව ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන නිසි ලෙස ඉටුකර ගැනීමට මැදිහත් වීමක් සිදුකරන බවයි.

දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

අද (12) ප.ව. 6.00ට රජයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවද පැවසේ.

Last modified on Monday, 12 January 2015 13:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us