එමෙන්ම සුගම ලෙසින් බලය හුවමාරු වීම පිළිබදව ද ඔහු ප්රශංසා කර අැත. ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඒ සඳහා වූ වැදගත්කමින් ඔබ්බට යන්නක් බවයි.
එය ලොව පුරා ප්රජාතන්ත්රවාදයට සහාය දක්වන්නන්ට බලාපොරොත්තුවේ සංකේතයක් වන බවය. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්රහණය පිළිබදව සුබ පැතූ ඇමරිකානු ජනාධිපතිවරයා ශ්රී ලංකාවේ සාමය, ප්රජාතන්ත්රවාදය සහ සශ්රීකත්වය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් සූදානම් බව සදහන් කර ඇත.