සුසන්ත පුංචිනිලමෙගේ මැර ලේකම් ඩබල අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 06 January 2015 08:22

ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඩිජිටල් පුළුල් තිරයක්‌ යොදා ගනිමින් ත්‍රිකුණාමලය නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාලයක්‌ පෙරේදා (4 දා) වැටලීමට ගිය අවස්‌ථාවේ මැතිවරණ නිලධාරීන් මෙම ප්‍රහාරයට ලක්‌ව තිබේ.

මෙම මැර පිරිස සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු නිලධාරීන් සතුව තිබූ ජංගම දුරකථන තුනක්‌ද පොළොවේ ගසා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ ඩිජිටල් පුළුල් තිරය ඇතුළු උපකරණ සහ තවත් භාණ්‌ඩ කීපයක්‌ද පැහැරගෙන ගොස්‌ ඇත.

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ කාර්යාලය ඉදිරිපිට පුළුල් තිරයක්‌ ඉදිකර එහි යුද්ධය සමයේ දර්ශන ප්‍රදර්ශනය කරමින් සිට ඇත.

මෙය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක්‌ බැවින් වහාම නතර කරන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා දින කීපයක සිට නියෝග කර තිබේ.

එහෙත් එම නියෝග නොතකා එම ක්‍රියාව දිගටම කරගෙන යැම නිසා සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු පිරිස එහි ගොස්‌ පුළුල් තිරය ඇතුළු භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත. එම අවස්‌ථාවේ එහි පැමිණි නියෝජ්‍ය ඇමැති පුංචි නිලමේ මහතා ඇතුළු පිරිසක්‌ මොවුන්ට තර්ජනය කර ඇති අතර එහි සිටි සැකකාර ලේකම්වරුන් දෙදෙනා මැතිවරණ නිලධාරීන්ට පහරදී ඇත.

මැතිවරණ නිලධාරීන් මේ පිළිබඳව පැමිණිලි කිරීමට ගිය අවස්‌ථාවේ පොලිසියට පැමිණ ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන්ට තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ කරමින් සිටියදී ලේකම්වරයා සහ සම්බන්ධීකරණ ලේකම්වරයා ත්‍රිකුණාමලය පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාරදී තිබේ.

පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ සවස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


-divaina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us