සන්ධාන ආණ්ඩුවේ මන්ත්‍රීධුර දෙකක් හිමි මෙම පවුල ජනවාරි 6 වන දින ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ සමඟම තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ඉවත්වනු ඇත.
මේ වන විටත් මේ සම්බන්ධයෙන් පොදු විපක්ෂ අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාකොට අවසන් බවත් දැන ගැනීමට තිබේ.
එම පවුලේ තවත් ඥාතියකුට අයත් ප්‍රබල මාධ්‍ය ආයතනයක්ද මේ අනුව විපක්ෂයේ පොදු අපෙක්ෂකයාට සහය දැක්වීම ඉදිරි දින කිහිපය තුලදී සිදුවනු ඇත.