ජනපතිගේ කීර්තිනාමය කෙළෙසුනැයි රෝහණ වීරසිංහ හඬා වැටේ.

Published in පුවත්
Wednesday, 31 December 2014 08:37

හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල්බලකා මැර කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ සංගීත උපදේශක රෝහණ වීරසිංහ තව දුරටත් මෙම ප්‍රහාරකයන් ආරක්ෂ කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහුට තිබෙන වේදනාව තමන්ගේ ජීවීතේ වැඩිම කාලයක් තමා සමඟ එකට වැඩ කළ මිතුර වන ලක්ෂ්මන් විජේසේකරට හා එම දියනියට හෝ තමාගේම දරුවන් වැනි වූ තරුණ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවේ. මේ මෘග පාලනය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂගේ "කීර්ති නාමය"කෙළසීම ගැනය.

වීරසිංහ පවසන්නේ ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට බරපතළ හානියක්‌ සිදු කොට ජයග්‍රාහණය කිළිටි කිරීම අවාසනාවන්ත තත්ත්වයක්‌ බව ය.

ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.'

කලාකරුවන් පිරිසකට හම්බන්තොටදී හා කුරුණෑගලදී සිදුකර ඇති ප්‍රහාරයන් අප සංවිධානය පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින අතර මේ නින්දිත ප්‍රහාරයට ලක්‌ වූ කලාකරුවන් වෙත අපගේ හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

මෙවැනි අඳ බාල ක්‍රියාදාමයන්ගෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ කීර්ති නාමයට සිදුවන බරපතළ හානිය හා එතුමන්ගේ නියත ජයග්‍රහණය කිළිටි කිරීම පිළිබඳව මේ මැර කල්ලිවලට අබැටකුදු හෝ අවබෝධයක්‌ නොතිබීම අවාසනාවන්තය. ඕනෑම අයෙකුට තම දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීම අප කිසිසේත් අනුමත නොකරමු. මේ නොහොබිනා නොහික්‌මුණු ක්‍රියාදාමයන් සිදුකරන මැරයන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කොට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ජනාධිපති තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු.'


ඊයේ නිලබලකාය විසින් පැවැත්වූ මාධය හමුවකදී ඊට නිල් බලකාය වෙනුවෙන් අදහස් දැක්වූවන් මෙම ප්‍රහාරය ඔවුන් විසින් සිදු නොකල බව පැවැසූවද එම හමුවෙන් පසුව නිල් බලකාය වෙනුවෙන් එම මාධ්‍ය හමුවට සහභාගී වූ පළාත් සභ මන්ත්‍රී සුසාර දිනාල් මාධ්‍යවේදීන් හමුවූ පවසා තිබුණේ එම ප්‍රහාරය නිල බලකාය විසින් එල්ල කළ බව තමන් පිළිගන්නා බවත් 'මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ, හැමතැනම ගහනවා.." යන්නත්ය.

ඒ කෙසේ නමුත් රෝහණ වීරසිංහලා දැන දෙනම මෘග පාලනයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙතරම් පහත් ලෙස පෙනී සිටිම ලැජ්ජා සහගතය.

Last modified on Wednesday, 31 December 2014 08:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us