මෙවර කිසිදු දූෂණයකට ඉඩක් නෑ. බය නැතුව ඇවිත් ඡන්දය දාන්න

Published in පුවත්
Wednesday, 31 December 2014 08:09

ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්‌ථාවේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් වන තෙක්‌ ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයක දූෂිත ක්‍රියාවක්‌ සිදු වීමට කිසිසේත්ම ඉඩක්‌ නොමැති බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය ඉතාම ශක්‌තිමත් බවද රාජ්‍ය නිලධාරීන් ඉතා කැපවීමෙන් අවංකව හා ස්‌වාධීනව රාජකාරී සිදු කරන නිසා ඡන්ද දූෂණ සිදුවීමට කිසිදු ඉඩක්‌ නොමැති බවද ඊයේ (30 දා) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනය කිරීම, ඡන්ද ගණන් කිරීම ඇතුළු අවස්‌ථා ගණනාවකදීම සිය නිරීක්‍ෂණ සිදු කිරීමට තරග කරන අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන්ට ඉඩ ලබාදී ඇති බවද, ඡන්ද පෙට්‌ටි, ඡන්ද පත්‍රිකා සියල්ලටම ආරක්‍ෂිත රහස්‍ය අංක හා වෙනත් ක්‍රමෝපායන් අනුගමනය කර ඇතැයිද කොමසාරිස්‌වරයා පැවසීය.

කෙසේ නමුත් ආණ්ඩුව මෙවර මැතිවරණ ප්‍රතිපළයන් වෙනස් කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් සැලසුම් කරන බවට වාර්ථා වී තිබුණු අතර විපක්ෂයේ ආර්ංචි මාරග පැවැසුව්වේ ඊට කිසිත් ඉඩක් නොතබන බවය. ඒ සඳහා නවීන තාක්ෂණය පවා යොදා ගැනීමට මේවන විට කටයුතු සූදානම් කර තිබෙන බවත්ය.

Last modified on Wednesday, 31 December 2014 08:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us