'ජාතික ගීය කියන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ, ව්‍යවස්ථාවේ ශක්තිය කැටිකොට ගත් ගීතයක්.
පුවත්පත් දැන්වීම්වලට ඒ ගීතයේ කොටස් ඇතුළත් කර ගැනීමෙන් බරපතළ වරදක් කර ඇති බවත් අවාසනාවට හෝ මහින්ද රාජපක්ෂ දිනුවොත් ජාතික කොඩියේ සිංහයා ඉවත් කොට මහින්දගේ මුහුණ යොදුවත් මම පුදුම වෙන්නෙ නෑ.
මේ සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙනවා සෑම පුවත්පත් කර්තෘවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න. ජාතික ගීයේ ගෞරවයට හානි කරන, අභිමානය බිඳ දමන ආකාරයෙන් ජාතික ගීයේ එක්කර දේශපාලඥයෙකුගේ ප්‍රචාරය සඳහා යොදා ඇති දැන්වීම් පෙළ මින් මතුවට පළ නොකරන ලෙස ඉල්ලා සිටිනවා.'