රජයට එක්සත් ජාතීන්ගේ සහය

Published in පුවත්
Tuesday, 30 December 2014 11:29
නිදහස් හා සාමකාමී මෙන්ම විශ්වාසවන්ත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය පියවර ගනු ඇතැයි තමාගේ විශ්වාසය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංහිඳියා කි‍්‍රයාවලියට, දේශපාලන සංවාදයට සහ වගවීම් කි‍්‍රයාවලිය සඳහා ජගත් සංවිධානය අඛණ්ඩව සහාය වන බව ඔහු අවධාරණය කරයි.
 
 එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය සඳහන් කළේ මහලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් අමතා එම සහතිකය ලබාදුන් බවය. ඔහු සමඟ පසුගිය සතියේ පැවැති දුරකථන සංවාදයේදී ජගත් මහලේකම්වරයා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වා අැත.එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මෙරට සුළු ජන කොටස් ඇතුළු සියලූ ඡන්දදායකයන්ට බියකින් තොරව ඡන්දය පාවිච්චි කිරීම සඳහා වාතාවරණයක් ඇති කිරීම වැදගත් වන බවය.
 
සාමකාමී හා විශ්වසනීය මැතිවරණ ක‍්‍රියාවලියකට අවශ්‍ය වැඩපිළිවෙළ ක‍්‍රියාවට නංවන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි. 
 
එසේම ඉතා මෑතක කාලයේදී අන්තවාදී අදහස් උදහස් ඇති බෞද්ධ කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හා එකිනෙකාගේ ගුණදොස් සොයමින් සොයමින් සිටින බවත්, එය ශ්‍රී ලංකාව නැවත වරක් කැරැල්ලකට යා හැකි මගක් විය හැකි බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදී අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us