චම්පික රණවක, ජනපතිට යැවූ රහස් ලිපි ප්‍රසිද්ධ කරයි

Published in පුවත්
Monday, 29 December 2014 12:52

පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් පළමු වතාවට මාධ්‍යයට ලබාදීමට තීරණය කර ඇත. පෞද්ගලික හෝ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ කිසිඳු අවස්ථාවකදී පල නොවූ මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.

මහින්ද රාජපක‍ෂ ආණඩුව නිසි මගට යොමුකිරීම උදෙසා තමන් විසින් ආණ්ඩුව තුළ සිටම අනේක විධ අරගලයන් ගෙන ගිය බවත් ඒ ඒ අවස්ථාවන්වලදී වාචිකව හා ලිඛිතව තමන් ඒ අදහස් ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි. එහෙත් ආණ්ඩුව ඒවා තුට්ටුවකට හෝ නොසලකා දූෂිත ජාවාරම්කරුවන්ට ජනතාවගේ වරම පාවාදුන් නිසා තමන් ප්‍රමුඛ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ආ බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි. අදවන විට ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ තමන් වෙත කිසිඳු අවස්ථාවක කිසිඳු කැබිනට් අමාත්‍යවරයෙකු රටේ උද්ගතවූ ගැටඵ සම්බන්ධයෙන් දැනුවත් නොකළ බවයි.

තමන් විසින් ලිඛිතව ජනාධිපතිතුමාගේ අවධානය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන ලිපි 13 ක් ලෙස - යෝජිත ත්‍රිකුණාමලයේ ගල් අගුරු බලාගාරය, බලශක්ති මිළ ගණන් සංශෝධනය විදුලි ජනනය පිළිබඳව උදාවී ඇති හදිසි තත්ත්වයට මුහුණ දීම, විදුලි බල ෙක‍ෂ්ත්‍රයේ අනාගතය වෙනුවෙන් ගතයුතු පියවර, සාම්පූර් බලාගාර ගිවිසුම, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය අරබුධය ජයගැනීම බලශක්ති ක්ෂේත්‍රයේ අභියෝග හා දිගු කාලීන සැලසුම්, විදුලි ගාස්තු සංශෝධනය කිරීම 1 හා 2 ක්‍රමෝපායික පනත යටතේ වූ ගැසට් නිවේදනවලට එරෙහිව ඡන්දය දීමට තීරණය කිරීම මූලික කරගත් ලිපි මෙහි අන්තර්ගත වේ.

එම ලිපි චම්පික රණවක මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.champikaranawaka.net ඔස්සේ හෝ patali.champika නිල ෆේස්බුක් අඩවියෙන් බාගත කරගත හැකිය.


චම්පික රණවක මහතා ජනාධිපති තුමා වෙත යවන ලද ලිපි එකතුව - 1

Last modified on Monday, 29 December 2014 13:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us