සුනාමි හොරුන්ගෙන් තොර රටක් අපට අවශ්‍යයි - මංගල

Published in පුවත්
Thursday, 25 December 2014 20:58

සුනාමි ව්‍යවසනය නිසා අසරණභාවයට පත්වූ ජනතාවගේ කුස පුරවන්නට ඔවුන්ගේ හිසට සෙවනක් සකසන්නට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් සොරකම් කළ පවුලක, පාලනය යටතේ මේ රට දැන් වසර 9ක් තිස්සේ පාලනය වන බවත් මේ කාලය තුල සංවර්ධනයේ නාමයෙන් සොරකම් කළ මුදල සුනාමිය නිසා මෙරටට ලැබුණු සමස්ත ආධාර ප්‍රමාණයත් ඉක්මවා යන තරම් බවත් අඑජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

එමෙන්ම යළිත් එවන් විපත්කාරී තත්වයක් මේ රටෙහි ඇතිවීමට ඉඩ කඩක් ලබා දිය යුතු නැති බවත් දැහැමි පාලන තන්ත්‍රයක් අපට අවශ්‍ය වී තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටී.

මංගල සමරවීර මහතා නිකුත් කළ විශේෂ පුවත්පත් නිවේදනය


සුනාමි ව්‍යවසනය සිදුවී මෙම වසරේ දෙසැම්බර් 26 වන දිනට වසර දහයක් සැපිරෙයි. බලාපොරොත්තු රහිත මොහොතක ඇතිවූ මෙම ස්වභාවික විපත නිසා මෙරටේ පුරවැසියන් හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයකගේ ජීවීත නැති විය. තවත් ලක්ෂ ගණනකට උන් හිටි තැන් අහිමිවිය. විශාල දේපල හානියක් සිදුවිය. මාපියන්ට දරුවනුත් දරුවන්ට මාපියනුත් අහිමිවිය. නැදෑ හිතවතුන් අහිමි විය. බොහෝ දෙනෙකුගේ මළ සිරුරුවත් සොයා ගැනීමට හැකි වූයේ නැත.

මේ ව්‍යවසනය සිදුවන විට මේ රටේ බලය හොබවපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරණතුංග ජනාධිපතිවරිය හා එම ආණ්ඩුව වහා ක්‍රියාත්මක වී විපතට පත් ජනතාව වෙනුවෙන් රජයට දැරිය හැකි උපරීම සහනය සැලසවීය. එමෙන්ම ජනාධිපතිවරිය විදේශ රාජ්‍යයන්වලට කතා කොට අතිවිශාල විදේශ ආධාර ප්‍රමාණයක් මෙරටට ලබා ගැනිමට සමත් වූවාය. ඒ අනුව විපතට පත් වූවන්ට කඩිනමි සහන සැලසීමට හැකි විය. එවර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් සෙසු පක්ෂත් හා සිවිල් සංවිධානත් රජය සමඟ එක්වෙමින් මේ ජාතික විපතෙන් රටත් ජනතාවත් ගලවා ගැනීම සඳහා උර දුන්නේය.

එමෙන්ම රටේ සෙසු පළාත්වල ජනයා ස්චේච්ඡාවෙන් ඉදිරිපත් වී මාස ගණනාවක් එම ප්‍රදේශ වලට ගොස් විපතට පත් ජනතාව වෙනුවෙන් තමගේ පෞද්ගලික මිල මුදල් වැයකර යම් සහනයක් ලබා දීමට තරම් කාරුණික වී තිබිණි.

එහෙත් මේ අතර විදේශ රාජ්‍ය වලින් ලැබුණු ආධාර මුදල් ගසා කෑමට, වංචා කර තමන්ගේ පවුලේ පෞද්ගලික ගිණුම්වල දමා ගැනීමට කටයුතු කළ පුද්ගලයන්ද සිටි බව මතක් කළ යුතුය. ඇතැම් දේශපාලකයකු විසින් මෙලෙස හොරකම් කළ මිලියන 83ක් ගැන ලැබුණු පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ද පැමිණි වූයේය. එහෙත් එම හිටපු අග විනිසුරුවරයා ලබා දුන් තීන්දුවක් මත මේ සුනාමි සල්ලි සොරා ගත් අය ඉන් නිදහස් විය. ඒ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරුවරයා පසුගියදා ජාතියෙන් සමාව ගත්තේ තමන් එදා කළේ බරපතල වරදක් බව කියමිනි.

අසරණභාවයට පත්වූ ජනතාවගේ කුස පුරවන්නට ඔවුන්ගේ හිසට සෙවනක් සකසන්නට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් සොරකම් කළ පවුලක පාලනය යටතේ මේ රට දැන් වසර 9ක් තිස්සේ පාලනය වේ. මේ කාලය තුල සංවර්ධනයේ නාමයෙන් සොරකම් කළ මුදල සුනාමිය නිසා මෙරටට ලැබුණු සමස්ත ආධාර ප්‍රමාණයත් ඉක්මවා යන තරම් බව අප වෙත ලැබී තිබෙන තොරතුරු මඟින් සනාථ වේ. යළිත් එවන් විපත්කාරී තත්වයක් මේ රටෙහි ඇතිවීමට ඉඩ කඩක් ලබා දිය යුතු නැත. දැහැමි පාලන තන්ත්‍රයක් අපට අවශ්‍ය වී තිබේ.

කෙසේ නමුත් සුනාමි ව්‍යවසනයේ දසවන වසර අනුස්මරණය කරන, එම මියගිය ඥාතිමිත්‍රාදීන් සිහිකරන, වේදනාවට පත් සියළු පුරවැසියන් සමඟ මාද එකතු වන අතර යළිත් මෙවන් විපත් මෙරටට සිදු නොවේවා යැයිද ප්‍රාර්ථනා කරමි. එමෙන්ම යහපත් හෙට දවසක් වෙනුවෙන් දූෂණයෙන් වංචාවෙන් තොර කාටත් සමාන හිමිකම් ලැබෙන හෙට දිනයක් ප්‍රාර්ථනා කරමි.

2014. 12. 25

Last modified on Thursday, 25 December 2014 21:43

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us