මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබූ හිරු වෑන් රථය අල්ලයි

Published in පුවත්
Thursday, 25 December 2014 16:06
වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ විපක්ෂයේ පොදු අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදීකාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෑන් රථය, හිරු මාධ්‍ය ජාලයට අයත් වෑන් රථයක් බව  පොලිසිය පවසයි.
 
එම වෑන් රථය සහ  රියැදුරා  අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට මිරිහාන පොලිසිය තුල වැන් රථය ගාල් කර ඇත.
 
හිරු මාධ්‍ය ජාලය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරාට  අයත් මාධ්‍ය ආයතනයකි
 
මිරිහාන මැතිවරණ විශේෂ ඒකකය මඟින් සිදු කළ වැටලීමක දී ඊයේ(24) රාත්‍රියේ තවත් සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් ක‍ළේය. 
 
එමෙන්ම එම සිද්ධියේදී රාජකාරී හරි හැටි නොකළැයි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ සේවයද අත්හිටුවිණ.

 

Last modified on Thursday, 25 December 2014 16:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us