කුමාර් මහත්තයා දොර ඇර ගනී

Published in පුවත්
Thursday, 25 December 2014 09:34

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම හේතුවෙන් මෙරට පවතින ආගමන විගමන නීති- රීති අනුව ගෙවීමට නියමිත වූ රුපියල් 39,130ක දඩ මුදල ඊයේ (24දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා තිබේ.


මේ වන විට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගැනීම වෙනුවෙන් ඒ මහතා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බවත් නියම වූ දඩ මුදල ගෙවීමත් සමඟ නීතිමය වශයෙන් වීසා නිකුත් කිරීමට තිබූ බාධකය ඉවත්ව ඇති බවත් එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කීය.

මේ තත්ත්වය යටතේ යම් හෙයකින් කුමාර් ගුණරත්නම් මහතාට වීසා නොලැබෙන්නේ නම් එය නීතිමය හේතුවක් නිසා නොව දේශපාලන බලපෑමක් මත සිදුවන්නක් බවද ඒ මහතා කීය.

Last modified on Thursday, 25 December 2014 09:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us