එම පහර දීමට එරෙහිව අද(23) දින දහවල් 12.00ට මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය හා අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා මාඨමාලව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් මානව හිමිකම් කඩ විම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු !
උසස් තාක්ෂණ ආයතන තුල ඇති පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුලා ගනු !
ශිෂ්‍ය නිදහස තහවුරු කරනු ! යන සටන්පාඨ මුල් කරගෙන, සිසුන් දිගින් දිගටම සටන් කල අතර පසුගිය දෙසැම්බර් 5 වන දිනද කොටුව දුම්රිය පොල ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පාගමනක් පැවැත්විය. එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සමඟ සාකච්චාවක් පැවැත් වූ අතර එහිදී සති 2ක් ඇතුලත විසදුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.නමුත් පාලකයන් විසින් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ඊයේ දිනද සිසුහු උසස් අධ්‍යපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වූහ.
එම පා ගමනට පොලිසිය ජල ප‍්‍රහරක, කදුළු ගෑස්, බැටන් පොළු හා රබර් උන්ඩ භාවිතා කර ප‍්‍රහාරයක් එල්ල කර කරන ලදී. එම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 28 දෙනෙක් රොහල් ගත කලහ.පහර දීමෙන් අනතුරුව පොලිසිය විසින් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. ශිෂ්‍ය ක‍්‍රියාකාරින් 4 දෙනා නිදහස් කරන ලෙස බල කරමින් සිසුන් විරොධතාවයේ නිරත වීම හේතුවෙන් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් 4 දෙනා නිදහස් කරන ඇත.







