ජයතිලක බණ්ඩාරට හම්බන්තොටදීත් ගහයි

Published in පුවත්
Sunday, 21 December 2014 11:07

ගායන ශිල්පියෙක් මෙන්ම මෙරට ප්‍රමුඛ විකල්ප කලාකරුවෙක් වන ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නාට්‍ය කණ්ඩායමට අද(21) උදෑසන හම්බන්තොටදී දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

පසුගියදා “වීදියේ විරෝධය“ නමින් වත්මන් පාලනය වෙත සිය විරෝධය දැක්වීමේ අරමුණින් අනුරාධපුරයේ සංවිධානය කල වීදි නාට්‍ය ප්‍රසංගයට එප්පාවලදී පිරිසක් පරුෂ වචනයෙන් බැන පහර දුන් අතර එහිදී ජයතිලක බණ්ඩාර මහතාට අදාල පිරිස බිම වැටෙන්නට පහර දී තිබිණි. එසේම එය වීඩියෝ කල මාධ්‍යවේදියාටද තර්ජනය කල ප්‍රකාශ කර තිබුණේ රටේ රජ්ජුරුවන්ට එරෙහිව යනවාට පහර දෙන බවයි.

“අපි ජේ.ආර්, ප්‍රේමදාස කාලේ පවා ප්‍රසංග කලා ඒ කාලේවත් කවදාවත් අපිට පහර දුන්නේ නෑ. මොකද ඔවුන් පවා විශ්වාස කලා අපි සාමය උදෙසා කලාකරුවෝ කියලා. ඔවුන් අපිට ගරු කලා. වත්මන් රාජපක්ෂ පාලනයේ හෙන්චයියන්ට එහෙම එකක්වත් නෑ. අපි මරලා දාවි, අපිව විනාශ කරාවි, ඒත් අපි පරාජය කරන්න බෑ“ අදහස් දැක්වූ ජයතිලක බණ්ඩාරයන් ප්‍රකාශ කලහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us