ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවරදී ප්‍රහාරයක් සැළසුම් කළ මොළකරු එල්ලා මරයි

Published in පුවත්
Saturday, 20 December 2014 18:46

පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන් කැරලිකරුවන් විසින් ප්‍රෙෂාවර් ප්‍ර දේශයේ පාසලක සිසුන් ඇතුළු පුද්ගලයින් 148 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන රජය විසින් ත්‍රස්තවාදින්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළේය.

ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී එල්ලා මරා දමා තිබේ.

අකීල් අහමඩ් හෙවත් ඩොක්ටර් උස්මාන් සහ අර්ෂාඩ් මෙහෙමුද් හෙවත් මෙහර්බාන්ට මෙලෙස මරණ දඬුවම හිමව තිබේ.

මොවුන්ගෙන් අකීල් අහමඩ් ලාහූර් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ය.

මොහු ලක්ෂාර් ඊ ජහන්ගි සංවිධානය නියෝජනය කරන අතර 2006 වසරේ දි පකිස්ථාන හමුදාවේ සාමාජිකයෙකු බව වාර්තා වෙයි.

2003 වසරේ දි පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය පර්වේස් මුෂාරෆ් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට මොහුට විරුද්ධව ප්‍රථම වරට ත්‍රස්ත චෝදනා එල්ල වි තිබුණි.

ඉන් අනතුරුව 2009 වසරේ දි රාවල්පිණ්ඩි හි පිහිටි පාකිස්ථාන හමුදා මූලස්ථානයට ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් ද මොහුට විරුද්ධව චෝදනා එල්ල වි තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us