රොයිස් හිරෙන් එළියට, සහාය මෛත්‍රීට

Published in පුවත්
Friday, 19 December 2014 15:44

රිමාන්ඩ් බාරයේ පසුවූ මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා රිමාන්ඩ්භාරයෙන් මුදවා ගැනීමට ඊයේ(18)හැකිවිය.

එම අවස්ථාවේදී ඔහු පිළිගැනීමට පාක්ෂිකයන් රැසක් එක්වී සිටි අතර ඔවුන් මන්ත්‍රීවරයා පිළිගත්තේ රුපියල් 5000 කොළ වලින් මාලයක් සාදා කරට දමා බවද වාර්තා වේ.

මීගමුව ''ජුවෙල් ලංකා'' නමැති විදේශ මුදල් මාරු කිරීමේ මධ්‍යස්‌ථානය සහ රන් අබරණ අලෙවි හලෙන් රුපියල් කෝටි 11/2 ක්‌ වටිනා විදේශ මුදල් සහ රන් අබරණ ආයුධ සන්නද්ධව කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවන රොයිස්‌ විජිත ප්‍රනාන්දු වෙනුවෙන් මීගමුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ ඇප අයදුම්කර තිබිණි.

ඒ අනුව රුපියල් කෝටියක බැංකු ඇපකරයක්, රුපියල් ලක්ෂ දහයක මුදල් ඇප, ඥාතියකු, අසල්වැසියකු, රජයේ සේවකයකු යනාදි වශයෙන් ශරීර ඇපද සහිත බරපතල ඇප කොන්දේසී සැපිරීමට යටත්ව අධිකරණය ඇප ලබා දීම සිදු කරනු ලැබීය.මෙම ඇප කොන්දෙසිවල බරපතලකම ලිහිල් කිරීමට ඊයේ දිනයේදීද මෝසමක් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියද ඒ අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මේ තත්වය මත අදාල ඇප කොන්දේසී සපුරා ගැනීම වෙනුවෙන් මීගමුව එජාප පාක්ෂිකයන් හා හිතවතුන් අරමුදලක් ආරම්බ කළ අතර අද දින වන විට අදාල ඇප මුදල් එකතුකර ගැනිමට හැකි වී ඇති බව මීගමුව එජාප නායකයකු පැවැසීය. රුපියල් දහයේ සිට දහදහ දක්වා ආදී වශයෙන් මෙලෙස මුදල් එකතුවී තිබේ.

ඒ අතර රොයිස් මහතාව මෙලෙස සිර කර තබන්නේ ඔහුගේ මූල්‍ය ප්‍රශ්නය විසඳා ඔහුව ආණ්ඩුව වෙත දිනාගැනීමට ආණ්ඩුව විශාල උත්සහයක් දරණ බවට ප්‍රචාරයක් පැතිර යමින් තිබේ.

මේ සම්බන්ධයෙන් එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා, තම සංවිධාකයා ගැන මේ පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් සමස්ථ නාගරික මන්ත්‍රි මණ්ඩලයම දැනුවත් කරමින් පවසා ඇත්තේ කිසිසෙත් ආණ්ඩුවට නොයන බවය. එමෙන්ම ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා මීගමුව ආසනයමය සූදානම් කරනු ඇති බවත් ඔහු පවසයි.

පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත්වෙද්දීද ඔහු රිමාන්ඩ් බාරයේ පසුවූ නමුත් ගම්පහ වැඩිම මනාප ලාභීයා බවට ඔහු පත් විය. මේ සමයේදී ඔහුගේ මැණියෝද වියෝ වූහ.

Last modified on Friday, 19 December 2014 15:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us