මෙම පහරදීම සිදු කර ඇත්තේ මෛත්රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්රචාරක රථයකින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිසකි.
අද (19) දින වැල්ලම්පිටියේදී පැවැත්වෙන ජනහමුව පිළිබද ප්රදේශවාසීන් දැනුවත් කිරිමට පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පාන්දර 5.00ට පමණ කළ මෙම පහරදීමේදී දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
ප්රහාරකයන් පැමිණ ඇත්තේ ‘මෛත්රී පාලනයක්‘ යනුවෙන් ස්ටිකර් අලවා ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු කරන වෑන් රථයකින් බව ප්රහාරයට ලක් වූවෝ කියති.
වැල්ලම්පිටිය පොලිසියට මේ පහරදීමේ සිදුවිම පිලිබද පැමිනිල්ලක් ද කර තිබේ.