පොලිස්පතිතුමනි මගේ චරිතය බේරාදෙන්න

Published in පුවත්
Friday, 19 December 2014 10:45

වඳුරඹ පැවැත්වීමට සූදානම් කර තිබූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත බව නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (18දා) සවස ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

අටවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල ගැන දන්නා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විසින්ම වේදිකාව කඩාදමා තමන්ගේ ආත්ම ගරුත්වය හානිකරන්න කටයුතු කරන බව මුතුහෙට්ටිගම පවසයි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, බලන්න මම පළාත් සභා ඡන්දයේදී මනාප 120,000ක් ගත්තා. එත් කොම්පියුටර් ජිල්මාට් දාලා මගේ මනාප අඩුකළා. මේ මැතිවරණ කොමසාරිස්තුමා එදා මැතිවරණ කාර්යාලයේ හිටියා. එතුමා හොඳින් දන්නවා සිදුවුණේ මොනවද කියා. දැන් මහින්ද දේශප්‍රිය මහතා කියනවා කම්පියුටර් ජිල්මාට් දාන්නේ නැහැ එහෙම කරන්න බැහැ කියා. නමුත් මට එහෙම කළා. අන්න ඒ විදියට හරි 09 වැනිදාට ජනාධිපති වෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාම තමයි."යැයි පවසා සිටියේය.


''අර කයිවාරු ගහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මම කියනවා මෙතනට ඇවිත් බලන්න කියා. මට බොරු චෝදනා කරනවා. එයාගේ නිලධාරීන් මේ ස්ථානයේ බීලා නිදාගෙන හිටියා. ඕ.අයි.සී මාරු කරන්න කියලා මම ඉල්ලනවා. මට මගේ චරිතය වටිනවා. අර මාධ්‍ය ප්‍රකාශක කියන මාධ්‍යයට බොරු කියන අය මේවා දන්නෙ නැහැ. මගෙ චරිතය බේරාදෙන්න කියලා මා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. කොහොම කළත් පොලීසිය මාව හොයාගෙන එන්නෙ නැහැ. එයාලා දන්නවා මගේ ළඟ ආයුධ සන්නද්ධ අය ඉන්නවා. එයාලා මාව පොලීසියෙන් බේරගන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවේම අට දෙනෙක් මගේ වටේ ඉන්නවා. අපි චණ්ඩි නෙවෙයි. ඒත් මාව අරගෙන යන්න දෙන්නෙ නැහැ.

බන්දුලාල් බණ්ඩාරිගොඩගේ කණ්ඩායම, ආනන්ද ලැනරෝල්ගේ කණ්ඩායම, ආනන්ද කාරියවසම්ගේ කණ්ඩායම කියලා තුනක් බද්දේගම ඉන්නවා. එක්කෙනාට එක්කෙනා විරුද්ධයි. මේ අය කරගත්තු දේ මට පටවන්න එපා. වඳුරඹ තමන්ගෙ ස්ටේජ් එක ගිනි තිවුවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක්. ඒ අය ඊට පස්සෙ මගෙ කාර්යාලයටත් ගිනි තිවුවා. මේ විදියට ගිනි තියන්න බැහැනේ. ඒවා ගැන සොයා බලන්න කියා මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා. අපි දූෂණයෙන් නොවෙයි සාධාරණ මැතිවරණයක් තියෙන්නේ. පොලීසිය කියනවා මට පොලීසියට එන්නලු කටඋත්තර දෙන්න කියලා. මට විරුද්ධව පැමිණිල්ලක් නැහැ. උසාවියට වාර්තා කරලා නැහැ. මාධ්‍යවලින් මට ගහනවා පමණයි. අපි නිර්දෝෂියි. පොලිස් පරීක්ෂණ පවත්වනවා බුද්ධි අංශයක් තියෙනවා. මේ තොරතුරු ගත්තම මා නිදොස් කොට නිදහස් කරන්න වෙනවා.''

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

'අපේ ජනාධිපතිතුමා හයවැනි වතාවටත් දිනනවා. එතුමා ජීවත්ව ඉන්නකන් ජනාධිපති. මේ පාර අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ, මේක ප්‍රේමදාස, ජේ.ආර්, ලලිත්, චන්ද්‍රිකා, ඩී.එස්., බණ්ඩාරනායක මොඩල් නොවෙයි. දුටුගැමුණු මොඩල් එක. මේක ගුත්තිල මූසිල සටන වගේ. ගුත්තිල පඬිවරයාට වූ දේ තමයි අපේ ජනාධිපතිතුමාට සිදුවෙලා තියෙන්නේ.'

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us