බැසිල් විපක්ෂයට එක්වෙන්නත් පුළුවන්

Published in පුවත්
Friday, 19 December 2014 10:23

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 120ක් ඔහු හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඊයේ (18දා) අවිස්සාවෙල්ලේදී පැවැති රැළියක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය. මෙහදී තවදුරටත් අදහස් දැක්වූ පාඨලී මන්ත්‍රීවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ සිටි හෙයින් අනාගතයේදී ඔහුත් විපක්ෂයට එක්වීමටද හැකි බවයි.

"මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත් වහාම අද ඔය සිංහනාද නාගගෙන එතුමට අපහාස කරන අය ඔක්කොම එනවා එතුමා ගාවට. ඇවිල්ලා ඉල්ලනවා නායකත්වය භාරගන්න කියලා. ඕන්නන් ඔය නාමල් මහත්තයයි, චමල් මහත්තයයි, බැසිල් මහත්තයයි එන්නැතිව ඉඳියි. හැබැයි ඒකෙත් මට ෂුවර් නෑ බැසිල්. මොකද උන්නැහැ එදා යූඇන්පී, අද ශ්‍රී ලංකා හෙටත් යූඇන්පී වෙන්න බැරි නෑ. අපේ බැසිල් මහත්තයා එහෙමයි. අනිත් ඔක්කොම එහෙමයි. පාර්ලිමේන්තුවේ 120ක් අපේ මෛත්‍රීපාල ඇමතිතුමාට එනවා.

එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා විපක්ෂයේ එතුමට තියෙනවා ආසන 43ක්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනවා ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයෙන් එනවා අගමැති අපි ඔක්කොමත් ඒකට යා වෙනවා. ආසන 170ක ස්ථාර ආණ්ඩුවක් රටට එනවා." යැයි ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us