මෑන් පවර් සේවකයින් දැවැන්ත සටනක

Published in පුවත්
Wednesday, 17 December 2014 21:40

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් වහා ස්ථිර කරන ලෙසට බලකරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද (17) විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා දිවයින පුරා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන මෑන් පවර් සියළු සේවකයින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වී සිටියහ. උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලංකා විදුලි සේවක සංගමයේ රංජන් ජයලාල් සහෝදරයා වෙත, මෙම සතිය තුල සියළු සේවක පත්වීම් ලබාදීමට කටයුතු කරන බව දන්වා ලිඛිත පොරොන්දුවක් ලබාදී ඇත.

 

පසුගිය කාලයේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් සියළු සේවකයින් ස්ථිර කරන බව පැවසුවද එය තව දුරටත් කල්ගත වීම හේතුවෙන් සියළු මෑන් පවර් සේවකයෝ මෙලෙස උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා එක් වී සිටියහ.

මෙම අවස්ථාවේදී ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල්  පවසා සිටියේ සියළු සේවකයින් එකාමෙන් කරන ලද දැවැන්ත සටනකින් මෙම ජයග‍්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බවත් කෙසේ වුවත් එය පොරොන්දුවලට සීමාවීමට ඉඩ නොතියන බවත් මෑන් පවර් සියළු සේවකයින් ස්ථිර කරන තෙක් තම සටන නැවැත්වීමට සූදානම් නැති බවත්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us