හර්ෂ ෆයිල් පෙන්වයි(AUDIO)

Published in පුවත්
Wednesday, 17 December 2014 15:43

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මේ වන විට අප රට තුළ සිදුවී ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කිරීම් විශ්වාස කිරීමට පවා නොහැකි තරම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය. ජනතාවගේ මුදල් සූරාකමින් එම මුදල් රහස් ගිණුම් වල තැන්පත් කර ඇති බවත් නුදුරු දිනක මෙම වංචාවන් හෙළි කරන බවත් ඔහු පැවසුවේය.

මෙහිදී ඔහු ඡායාරූපයක් පෙන්වමින් පවසා සිටියේ එයින් දැක්වෙන්නේ පුද්ගලයින් පිරිසක් වැවකින් ෆයිල් රැසක් ගොඩගන්නා ආකාරය බවයි. මෙහි පසු බිම් විස්තරය ඔහු මෙසේ පැහැදිලි කළේය.''යුක්‍රේනයේ රජෙක් හිටියා වික්ටර් යං කොවිච් යනුවෙන්. ඔහු ඔහුටම මහ රජා යනුවෙන් කියාගත්තා.ඔහුට ජනාධිපති මන්දිරයෙන් පළා යාමට සිදුවූවා. ඔහු ළග ෆයිල් සේප්පුවක් තිබුණා. හදිසියේ පළා යාමට සිදුවූ නිසා ඔහු මේ ෆයිල් වැවට විසි කර පැන ගියා. මින්සුන් වැවට පැන ෆයිල් ගත්තා. අවසානයේ ඔහුගේ වංචා දූෂණ සියල්ල හෙළිදරව් කර ගත්තා. ඔහු ඇ.ඩො.බි 7ක් ෂීසෙල්ස්ව සගවා ඇති බව අනාවරණය වූවා.''

අපේ රට තුළ සිදුවන වංචා දූෂණ වලින් සිදු වන්නේ ද මෙම තත්වය බවත් විදෙස් රහස් ගිණුම් වල සගවන මුදල් පසුකාලීනව යළිත් ණය ලෙස ලංකාවටම ලැබෙන බවත් ඔහු සදහන් කළේය.වතමන් ආණ්ඩුව යටතේ ආශ්චර්ය යනු දූෂණය බවත් අපායක් බවට පත්වී ඇති මේ රට මිනිසුන්ට ජීවත්විය හැකි ස්ථානයක් බවට පත්කළ යුතු බවත් ඔහු පෙන්වා දූන්නේය. මෙරටේ පැවති ආර්ථීක නිදහස රාජපක්ෂ ‍රෙජිමය විසින් පැහැරගත් බවත් එම නිදහස නව ආණ්ඩුවක් යටතේ ලබා දෙන බවත් හර්ෂණ සිල්වා ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද සහභාගීවිය.

Picture-005

Picture-049

{soundcloud}https://soundcloud.com/lankadaily/harsha-eran{/soundcloud}

 

Last modified on Wednesday, 17 December 2014 15:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us