ඔවුන් සිටින තුරු තමා යුධ අධිකරණයට රැගෙන යාමට කිසිවෙකුටත් නොහැකි බව ඔහු අවධාරණය කලේය.
ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ හලාවත ෂර්ලි කොරයා ක‍්‍රීඩාංගණයේ පැවති ජන රැළියක් අමතමිනි.
කිසිදු බේදයකින් තොරව ගමට මෙන්ම නගරයටද එකම සංවර්ධනයක් ලබාදුන්නේ සියළු දෙනාගේ ජීවිත සමෘද්ධිමත් කර හොද රටක් ගොඩනැගීමට බව ද ඔහු අවධාරණය කළේය.
එම ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ගමෙන් පැමිණි තමන් සෑමදාම ගමේ ජනතාවට ආදරය කරන බවයි.