'අනුරාධපුර රැළියට ලංගම බස් 1000ක්'

Published in පුවත්
Monday, 15 December 2014 09:48

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ‘පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන’ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.

රජයේ දේපල, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු නිරීක්ෂණ ගණනාවක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන 'පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන', මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කොට තිබේ.


නීති උල්ලංඝනය කිරීමක් :


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැළි ආවරණය කිරීම සඳහා ජාතික රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.

අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය සජීවී විකාශය සඳහා ස්වාධීන රූපවාහිනී සේවය පමණක් රුපියල් ලක්ෂ විසි එකක මුදලක් වැය කර ඇතැයි වාර්තා වූ බව 'පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන' පැවසීය.

මීට අමතරව එම රැළියට ජනතාව ගෙන ඒම සඳහා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

හැටන්, මඩකලපුව, කිලිනොච්චිය, යාපනය, දඹුල්ල, උඩහමුල්ල, මොරටුව, කෑගල්ල, පොලොන්නරුව, මහියංගණය, මට්ටක්කුලිය, බදුල්ල, කැකිරාව, හොරොව්පතාන සහ වව්නියාව යන පෙදෙස් වල සිට එම බස් රථ පැමිණ ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතන වැඩසටහන පවසයි.

බස් රථ විශාල සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගැනීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ලොරිවල නැගී විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බව පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන සඳහන් කළේය.

මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා ලෙස යොදා ගැනීම, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු ගොඩනැගිලි හා සම්පත් පරිහරණය, රාජ්‍ය ආයතනවල නීති විරෝධී ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්ද පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us