තිරුපති දෙවියනුත් අහක බලලා

Published in පුවත්
Friday, 12 December 2014 10:57

එසේම ජනපති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ ගොස් නැවත පැමිණෙන විට ශ්‍රී ලංකාවේ තිරුපති දෙවියන් අදහන ඇමතිවරුන් දෙදෙනෙකු තමන්ට එකතු වූ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ පන්නල මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති රැස්වීමක් අමතමිනි.

වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාව බලාපොරොත්තු වූ ආණ්ඩුව නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට ඉතිරි වී තිබෙනේ සාත්තරකාරයන් කිහිප දෙනෙකු පමණක් බවත් ඒ මහතා පැවසුවේය.

"අනුරාධපුරයේ පැවැත්වෙන රැස්වීමට බස් දාහක් (1000) යොදලා ඒ පළාතේ සිටින සියලුම සමෘද්ධිලාභීන් එක්කරලා මහ ජනතාවක් පෙන්වන්න උත්සාහ අරගෙන තියෙනවා. නමුත් තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්න ඕන, මේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අපි ඔබ බලාපොරොත්තු වුණ ආණ්ඩුවක් නෙමෙයි. මෙය සම්පූර්ණයෙන්ම රටේ සම්පත්, ජනතාවගේ ධනය මංකොල්ල කන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා.

මහින්ද රාජපක්ෂට දැන් ඉතුරුවෙලා ඉන්නෙ අර වැඩකට නැති සාත්තරකාරයො ටික විතරයි. සාත්තරකාරයන්ව රාජ්‍ය මාධ්‍යවලට ගෙන්වලා අපේ ජයග්‍රහණය වහන්න හදනවා. ඔහු තිරුපති වන්දනාවේ ගිහින් තිරුපති දෙවියන් වැඳලා ලංකාවට එනකොට තිරුපති දෙවියන් අදහන ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් ඇතුළු පිරිසක් අපේ පක්ෂය හා එකතු වුණා" යැයි වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us