මහින්දයි හොර රැළයි පරදිනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 09:49

මහින්ද රාජපක්ෂ 8 වැනිදා ඡන්දය ජයග්‍රහනය කිරීමට සූදානම් වන්නේ ධන බලයෙන් හා අවි බලයෙන් නමුත් මේ රටේ ශ්‍රී ලාංකීය ජනතාව ධනබලය අවි බලය දණ ගස්සලා ජනවාරී 8 වැනිදා අලුත් ආණ්ඩුවක් බිහිකිරීමට සුදානමින් සිටින්නේ යැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (09) මහනුවරදී පැවසුවේය.

“සටනක් දෙන්න පෙනෙන තෙක් මානයේ කෙනෙක් නෑ කිවුවා ජයග්‍රාහී පරාජිතයා කවුදැයි කියලා ඇහුවා, හැබැයි එහෙම කියනකුට එයා දැනගෙන හිටියේ නෑ අරලියගහ මන්දිරය ඇතුළෙමයි ඉන්නේ එයා පරාජය කරන මිනිහා ඉන්නේ කියලා ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මඩ ගහන්න පොත් ගැහුවා කරන්න තියෙන දේ ඔක්කොම කළා“. යනුවෙන්ද හෙතෙම පැවසුවේය.

“ දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියනවා කොහොම හරි දිනනවා මොනවා හරි කරලා දිනනවා“ යනුවෙන් පැවසූ සිරිසේන මහතා “ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි ඔහු වටා ඉන්න හොර රැළටයි කියනවා එහෙම කරන්න බෑ අපි ජනතා බලයෙන් 8 වැනිදා අලුත් ආණ්ඩුවක් හදනවා“ යැයි එහිදී කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා මෙසේද සිටියේය.
මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ වැටී ඇති බවත්, සරසවි සිසුන් වහලුන් බවට පත්කර ඇති බවත් එස්.බී දිසානායක මහතාට ඒ සඳහා “ලොකු උන්නැහේගේ“ ආශිර්වාදය ලැබෙන බව මේ නිසා සරසවි සිසුන්, ආචාර්යවරුන් සියයට 99ක් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කර අවසන් .

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us