‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍අපි මර උගුලෙන් ගැලවිය යුතුයි.

Published in පුවත්
Tuesday, 09 December 2014 20:22

ඡන්ද බලය ලබා ගෙන ලැබූ ඡන්දය කෝටි ගණනකට අලෙවිකිරීමට වර්තමාන අාණ්ඩුව කටයුතු කරන බව ධර්මසිරි බණ්ඩාර අද(09) ප්‍රකාශ කළේය.ඔහු මේ අදහස් දැක්වූයේ අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වත්මන් අාණ්ඩුව තුළ කළාකරුවන්ට අත්වී අැති ඉරණම පිළිබදව ඔහු මෙහිදී අදහස් පළ කළේය. රටේ ප්‍රශ්න පිළිබදව කළා මාධ්‍ය ඔස්සේ හඩ නැගූ ජයතිලක බණ්ඩාරට පසු ගිය දිනක මැරයින් පිරිසක් පැමිණ බිම පෙරලාගෙන පහරදී අැත.


මෙවැනි සිදුවීමක් අත්දකින ඔහුගේ දරු දෙදෙනාට තුවක්කුවක් අතට ගැනීමට සිතෙන්නේ නම් එය අරුමයක් නොවන බව ඔහු සදහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවසුවේය.
ඉකුත් දිනක පොළිස් නිළධාරියෙකු කාන්තාවකට බිම පෙරළාගෙන පහරදුන් නමුත් ඒ වෙනුවෙන් හඩ නැගූවෙක් නොවුනි. අැයට එසේ පහර දීමට අැති අයිතිය කුමක්ද? අැය වෛශ්‍යාවක් බව හෙළි කළ මුත් අැය ඒ් තත්වයට පත්වූ කාරණය ගැන සිතීමට කිසිවෙකුටත් උවමනාවක් නොවුණි. එබදු සමාජයක් ගොඩනැගුවේ කවුරුන්ද? එයට පිළිතුරු ලෙස සිදුවූයේ අැයට පහරදුන් පොළිස් නිලධාරියාව සේවයෙන් ඉවත්කර පසුව යළි සේවයේ අනුයුක්ත කිරීමය.මේ තත්වය කළාකරුවන් වශයෙන් අපට දරා ගත නොහැකි වේදනාවක්.


පුරවැසි බලය සංවිධානය හා එක්ව කළාකරුවන් වශයෙන් අප සිදුකරන්නේ ජනතාව හසුවී අැති මේ මර උගුලෙන් ජනතාව ගලවා ගැනීමට කටයුතු කිරීම බව ඔහු සදහන් කළේය.

මෙවැනි දේ ප්‍රකාශ කරද්දී කොටි හිතවාදීන් ලෙස අපට දෝෂාරෝපණ එල්ල කරන බව දන්නා මුත් මේ වන විටත් කරුණාඅම්මාන් ,පද්මනාදන් අාදීන්ට ලබාදී අැති තත්වය තනතුරු පිළිබදව නම් ඔවුන් මුනිවත රකින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/darmasiri-bandara{/soundcloud}

Last modified on Tuesday, 09 December 2014 20:30

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us