එම රැලිය කොත්මලේ මහජන ක්රීඩාංගනයේ පැවැත්වීමට කළින් අවසර දී තිබූ අතර පසුව එය අවලංගු කළ බව කියමින් එජාපයේ නීති ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.
එම රැළිය සඳහා කොත්මලේ නව නගරයේ පිහිටි මහජන ක්රීඩාංගනය ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා නුවරඑළිය තේරීම්භාර නිලධාරීට ලිඛිතව දැනුම් දී ඇත.