මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ නාමයෝජනා බාරදුන් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ද සිය නාමයෝජනා පත්‍රය බාරදීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණීමට නියමිතව තිබේ.
නාමයෝජනා බාරදීමට අපේක්ෂකයින් සමග ඔවුන්ට සහය පළ කරමින් අපේක්ෂකයින් පැමිණීමත් සමග රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ද පොලීසිය විසින් යොදා තිබේ.
ජනපතිවරණයට නාමයෝජනා බාරදීමේ අවසන් දිනය වන අද මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබේ.