මහින්දගේ කටවුට් මිදුලේ සවි කරන්න නොදුන්නාට ගුටි

Published in පුවත්
Wednesday, 03 December 2014 11:26

තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.

පසුගිය නොවැම්බර් 29 දින තම නිවස ඉදිරිපිට කටවුට් එකක් සවි කිරීමට තුසිත වීරසිංහ මහතා විරෝධය පළ කොට ඇත. ඔහුට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ, නිමල් කරුණාතිලක සහ අසංක යන ප්‍රා.ස.මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තර්ජනය කොට ඇත. එම අවස්ථාවේ දී වීරසිංහ මහතා නිවසින් එළියට පැමිණ නොමැත. එම අවස්ථාවේ තම නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුට මෙම පිරිස පහර දී ඇති බව වීරසිංහ මහතා පවසයි.

වීරසිංහ මහතා පවසන්නේ "පසුගිය සෙනසුරාද දහවල් මාගේ නිවස අසලට පැමිණි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් එකක් මගේ මිදුලේ සවිකිරීමට උත්සහ කළා. මම එයට දැඩිව වි‍රුද්ධ වුණා. කරුණාකර මෙතන කටවුට් ගහන්න එපා කියා පැවසුවා. එයින් පසුව එම පිරිස ඒ අසල ඇති ලයිට් කණුවක කටවුට් එක එල්ලා පිටව ගියා. (මෙහි වි‍ඩියෝ දර්ශනය පහත දිගුවෙන් නැරඹිය හැකිය.) ඉන් පසුව දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළ පිරිස තමන් සමඟ ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසා කෑගැසුවා. තමන්ට නිවසින් එළියට දෙන ලෙස පැවසුවා. "යකෝ මේක අපේ ආණ්ඩුව අපිට ඕන තැනක කටවුට් ගහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් අවසර ඕනේ නෑ" ආදී වශයෙන් කෑ ගසමින් අසභ්‍ය වචන පැවසුවා.

තමන් බිය වී නිවසේම සිටි බවත් නිව‍සින් ඉළියට පැමිණි තම සහෝදරයින් දෙදෙනාට පිරිස පහර දුන් බවට ඔහු පවසයි. පහර කෑමට ලක් වූ පුද්ගලයින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර පසුව ඔවුන්ගේ ආරක්ෂාව සදහා සඳහා මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 9 ක් වාර්තා වී ඇති අතර එයින් සිදුවීම් 4 ක් ගිණි අවි භාවිත කරමින් සිදු කල ප්‍රචණ්ඩක්‍රියා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ දක්වා වාර්තා වු කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවකට චෝදනා ලැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.

Last modified on Wednesday, 03 December 2014 12:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us