ජනාධිපතිවරණයේදී පොලිසිය අතට ගන්න මෙහෙයුමක්

Published in පුවත්
Wednesday, 03 December 2014 09:40

මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස්‌ නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකර සිටිති.

මැතිවරණයේදී පොලිස්‌පතිවරයාගේ කාර්යභාරය සියතට ගැනීමට මෙම නිලධාරියා දැඩි උත්සාහයක නිරත වන බව ද වාර්තා වෙයි. මෙම නිලධාරියා පළාත් මට්‌ටමින් පොලිස්‌ නිලධාරීන් කැඳවා රැස්‌වීම් පවත්වමින් මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද උපදෙස්‌ ලබාදෙන බව වාර්තා වෙයි.

එම රැස්‌වීම් සඳහා පොලිස්‌පතිවරයා සහභාගි කර නොගැනීමට ද මෙම නිලධාරියා කටයුතු කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටින නීතිගරුක නිලධාරීන් පවසන්නේ මෙම නිලධාරියා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවයි. මොහුගේ ක්‍රියාකලාපය නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙන බව ද වාර්තා වෙයි.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us