සංඝ සම්මේලනයත් මෛත‍්‍රී සරණයයි

Published in පුවත්
Tuesday, 02 December 2014 14:13

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහයෝගය ලබාදීමට ජාතික සංඝ සම්මේලනය තීරණය කර ඇත. ඒ, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා අතර කොළඹ අද (02) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසන්නේ තම සංවිධානය මෙම සාකච්ඡාවේදී පොදු අපේක්ෂක වෙත කරුණු 15ක යෝජනාවලියක් ඉදිරිපත් කළ බවය. දළදා මාළිගාව ඇතුළු පූජනීය ස්ථාන ආශ‍්‍රිතව ඇති සුරාසැල් ඉවත් කිරීම, වස විසෙන් තොර ගොවිතැනක් සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීම සහ වකුගඩු රෝගය වැළැක්වීමට වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීම එම යෝජනාවලට ඇතුළත්වේ.

එම යෝජනාවලට පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන එකඟවීමත් සමඟ, ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බව ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us