මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ තීරණය ප‍්‍රකාශ කරන බව මීට පෙර සදහන් කළද එය සිදු නොවුණි. ජාතික හෙළ උරුමයේ අද පෙරවරුවේ පවත්වන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එම තීරණය මාධ්‍ය වෙත ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර එළැඹෙන ජනාධිපතිවරණය සදහා පොදු විපක්ෂය විසින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අදාල ගිවිසුමට කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පිඨයේදී ඊයේ පෙරවරුවේ අත්සන් තැබුවේය. එම අවස්ථාවට අතුරලියේ රතන හිමියන් හෝ ජාතික හෙළ උරුමයේ කිසිවෙකුත් සහභාගී නොවීය.
පොදු විපක්ෂයේ මෙම ගිවිසුමට අත්සන් කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ සංවිධාන 36 ක් සහභාගී වී සිටියා.