එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළිය දිස්ත්‍රික් සංවිධානය ධුරයෙන්ද ඒ මහතා ඉල්ලා අස් වී ඇත.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීම සඳහා වන මාධ්‍ය හමුවක් අද(30) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
නවීන් දිසානායක මහතාගේ පියාවන ගාමිණි දිසානායක මහතා 1994 ජනාධිපතිවරණ සමයේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්විය.
ඒ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය.