එමෙන්ම මේ වසරේ ආණ්ඩුවේ ආදායම රු බිලියන 1153ක් පමණක් බවද එහෙත් රටේ ණය සහ පොලිය ගෙවීමට පමණකත් රුපියල් බිලියන 1265 අවශ්‍ය බවද ඔහු පවසා සිටී.
බහුතරයක් අමාත්‍යංශවල උද්ඝෝෂණ සිදුකරණ බවද ඒව සැලසුම් කර උද්ඝෝෂණ සිදු කරන්නේ ආණ්ඩුවෙන්ම බවද ඒ මහතා පවසා සිටී.
පසුගියදා තම අමාත්‍යංශය ඉදිරිපිටද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බවද එයද සැලසුම් කලේ ආණ්ඩුවෙන් බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම බහුතරයක් ඇමැති වරු ඉතාමත් කළ කිරීමෙන් සිටින බවද නිදහස් රහසිගත ඡන්දයක් තැබුවහොත් ඇත්ත කුමක්දැයි දැන ගැනීමට හැකි වන බවද වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියහ.