සුබ්‍රමනියන් ස්වාමි ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අදාළ යාත්‍රා වල හිමිකාරීත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගනු ඇති බවය.
ශ්‍රී ලංකා බලධාරින් භාරයේ පවතින ධීවර යාත්‍රා සංඛ්‍යාව සහ ඒවායේ හිමිකරුවන්ගේ තොරතුරු තමා විසින් ශ්‍රී ලංකා ආරක්ෂක ප්‍රධානීන් වෙත ලබාදුන් බවත් යාත්‍රා වල හිමිකරුවන්ගෙන් බහුතරය ඉතා දිළිඳු පුද්ගලයින් බවත් ඔහු පවසා තිබේ.
තමා ලබාදුන් තොරතුරු වලට අනුව එම යාත්‍රා වල හිමිකාරිත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ යාත්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.