ඒකාධිපති පාලනය පරදා සියලු පවුල් ආරක්ෂා කරන ක්‍රමයකට එක් වෙමු(audio)

Published in පුවත්
Thursday, 27 November 2014 12:49

රටේ භාරකරුවා යැයි පවසමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක් ගෙන යන බවත් ඒ උදෙසා යුධ ජයග්‍රහණය පවා යොදා ගනිමින් තම පාලනය දිග්ගස්සා ගත් බව අද(27)පැවති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර මහතා සදහන් කළේය.

මෙහිදී ඔහු මෙසේද පැවසුවේය.


පවුල් පාලනයට අත්තිවාරම දමමින් ප්‍රජාන්ත්‍රීය අයිතීන් පවා අහෝසි කර 18 වන සංශෝධනය ගෙන එමින් ,රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය පැහැරගත්තේය. ශිරාණි බණ්ඩාරණායකගේ තනතුර පවා ඩැහැගෙන ඉදුල්කන නීතිඥයෙකු අගවිනිසුරු බවට පත් කර ඇත.

රාජපක්ෂ රෙජිමය මෙරට ජනමාධ්‍ය නිදහස නැති කිරීම කොතෙක්ද යතොත් මාධ්‍යවේදීන් රාජපක්ෂ පවුල පිළිබදව වන යම් තොරතුරු හෙළිකිරීමට බියවී ඇත.ඒ නිසා තමාම තමාට ස්වයංවාරණයක් පනවා ගන්නා තත්වයට පන්ව ඇත. මේ වන විට පොළිස්පතිගේ බලතල පවා තම අතට ගෙන කටයුතු කරන නිලධරීන් බිහි කර ඇති බවත් පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ මැදමුලන වලව්වට වැදගෙන ,නිල් බලකායට වැඩ කළේ නැතිනම් රැකියා නොමැති බවත් 2010 සිට දිවා රෑ ‍නොබලා සුභ අනාගතයක් පැතූ තරැණ පිරිස තවමත් නිවසේ බවය. එය පාක්ෂිකයන්ට ද නොසැලකූ ආණ්ඩුවක් බවත්ය.

මෙම ක්‍රමය අවසන් කර සියලු පවුල් ආරක්ෂා කරන ක්‍රමයක් උදෙසා ‍සහයෝගය දක්වන මෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා සදහන් කළේය

හඩපටය පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/z0000002mp3{/soundcloud}

Last modified on Thursday, 27 November 2014 13:39

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us