බාධා කිරීම් සීමා කරන්න-ජගත් සංවිධානය බොදුබල සේනාවට දෙහි කපයි

Published in පුවත්
Wednesday, 26 November 2014 10:40

බොදුබල සේනා සංවිධානය ලංකාව තුළ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් විවිධ බාධා කිරීම් සිදු කර අැති බව ජගත් සංවිධානය පවසයි. විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සුළු ජන අයිතිවාසිකම් සම්බන්ධ විශේෂ නියෝජිත රීටා ඉසැක් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ජිනීවාහී ඊයේ රැස්වූ නිරීක්ෂණ රාජ්‍යයන්හී හත්වන සැසිවාරයේදීය.

මෙරට තුළ සුළු ජන කොටස් ඉලක්ක කර ගනිමින් පසුගිය වසර දෙක තුළ බොදුබල සේනා සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 350 ක් ලැබී ඇති බවද ඇයගේ ලිඛිත වාර්තාවේ සඳහන්ය. මෙම බාධා කිරීම් මුස්ලිම් සහ කි‍්‍රස්තියානි ජන කොටස් ඉලක්ක කර ගනිමින් සිදුව ඇති බව ඇය පෙන්වා දුන්නාය.

 
රීටා ඉසැක් මෙම වාර්තාව මගින් ශ‍්‍රී ලංකාව, ඇෆ්ගනීස්ථානය, කොළොම්බියාව, කොංගෝ, ගෝතමාලාව, ඉරාකය, කිරිගිස්ථානය, මියන්මාරය, සෝමාලියාව සහ සුඩානය සම්බන්ධයෙන් කරුණු දක්වා අැත. මෙම රටවල සුළු ජන කොටස් සම්බන්ධ බාධා කිරීම් සීමා කළ යුතු බව එමගින් ජගත් සංවිධාන නියෝජිතවරිය අවධාරණය කළාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us