මෙම අවස්ථාවට කඩා වැදුණු මැරයින් පිරිසක් විසින් කලහකාරීව හැසිරෙමින් එම බැනරය ඉරා දමා රැගෙන ගොස් ඇත. මේ පිළිබද රැහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයෙකු පැවසුවේ අදාළ මැරයින් ''අපි නාමල්ගෙ කට්ටිය; වැඩිය දගලන්න එන්න එපා'' යනුවෙන් පැවසූ බවයි.
මේ අතර මිද්දෙණිය නගරයේ අත්සන් තබමින් තිබූ විරෝධතා බැනරයද එම මැරයින් පිරිස විසින්ම ඉරාදමා ඇති බව මේ මොහොතේ වාර්තා වුණි.