එජාප ආණ්‌ඩුවක්‌ සමග සිංහල අවුරුදු සමරන්න පුළුවන්

Published in පුවත්
Monday, 24 November 2014 10:47
එළඹෙන සිංහල අවුරුද්දට කලින් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහිකරන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලිගමුවේදී පවසා සිටියේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස සියලුම පක්‍ෂවල සහයෝගයෙන් දිනවීමට සියලු දෙනා එකතුවිය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.
 
රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රට සිරවී සිටින ණය උගුලෙන් බේරාගෙන රාජපක්‍ෂ රෙජිමය වෙනුවට ජනතාවගේ ආණ්‌ඩුවක්‌ බිහි කරමු යැයි ඔහු කියා සිටියේය.
 
මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස පත්කර  කැපකිරීමක්‌ සිදුකළේ මේ රට අලුත් යුගයකට රැගෙන යෑමට බවත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක ලෙස තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්කර නව දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමට සියලු දෙනාම එකතු විය යුතු බවත් එජාප බලමණ්‌ඩල රැස්‌වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා  අවධාරණය කර සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us