ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හෙට උදෑසන 8.30 ට මහනුවර ශ්‍රී දළඳා වහන්සේ වැඳ පුදාගෙන ඉදිරි වැඩපිළිවෙළ වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.
දළඳා වහන්සේ වැඳ පුදාගැනීීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක යෙදෙන බව පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
ඉන් අනතුරුව මහනුවර ස්ථාන දෙකකදී විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමට ද නියමිත බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.