ජනාධිපතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් ඇතුළු අනන්‍යතා සහතික විසිදහසක්

Published in පුවත්
Thursday, 20 November 2014 13:03
කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවය මේ වන විට ක්‍රියාත්මකය.ඒ යටතේ ත්‍රිකුණාමලය සහ බදුල්ල දිස්ත්‍රික්ක වල පුද්ගලයින් 11216 කට සේවා සපයා ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී  ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා  කැෆේ සංවිධානය, ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) මෙම ජංගම සේවා ක්‍රියාත්මක කරයි.
 
මෙම ජාතික හැඳුනුම්පත් සහ අනන්‍යතා සහතික ලබාදීමේ ජංගම සේවයේ තවත් අදියරක් නොවැම්බර් 21 වනදා සිට 25 වනදා දක්වා ත්‍රිකුණාමල සහ බදුල්ල දිස්ත්‍රික්ක වලදී පැවැත්වේ. සායන පැවැත්වෙන ස්ථානයන් මෙසේය.  
 
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
නොවැ 21 - වෙරුගල් ප්‍රා.ලේ කාර්යාලය (වෙරුගල් ප්‍රා ලේ කොට්ඨාසය ), නොවැ 22 - සහිරා විද්‍යාලය - පාලයිතෝප්පුර් (මුතූර් ප්‍රා ලේ කොට්ඨාසය ) ,නොවැ 23 - සේනයුර් මධ්‍ය විද්‍යාලය (මුතූර් ප්‍රා ලේ කොට්ඨාසය) නොවැ 23 - කන්තලේ ප්‍රා. ලේ කාර්යාලය (කන්තලේ ප්‍රා ලේ කොට්ඨාසය), නොවැ 24 - පදවි ශ්‍රි පුර ප්‍රා ලේ කාර්යාලය (පදවි ශ්‍රි පුර ප්‍රා ලේ කොට්ඨාසය)
 
බදුල්ල දිස්ත්‍රික්කය
නොවැ 21- පස්සර ප්‍රා ලේ කාර්යාලය (පස්සර ප්‍රා ලේ කොට්ඨාසය), නොවැ 22- පස්සර ප්‍රා ලේ කාර්යාලය (පස්සර ප්‍රා ලේ කොට්ඨාසය),නොවැ 23 -  බදුල්ල ප්‍රා ලේ කාර්යාලය (බදුල්ල ප්‍රා ලේ කොට්ඨාසය), නොවැ 24- ඇල්ල  ප්‍රා ලේ කාර්යාලය (ඇල්ල  ප්‍රා ලේ කොට්ඨාසය), නොවැ 25- හාලි ඇල  ප්‍රා ලේ කාර්යාලය (හාලි ඇල  ප්‍රා ලේ කොට්ඨාසය)
 
සෑම දිකනම  පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මෙම සායන පැවැත්වෙයි. මෙම ජංගම සේවා වලදී  ජාතික හැදුනුම්පත් ලබාදීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ද, උප්පැන්න සහතික ඇතුඵ අනෙකුත් ලේඛන ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද සිදුකෙරෙයි. 
 
මෙහිදී ජාතික හැදුනුම්පත්  නිකුත් කිරීමේදී අවශ්‍ය වන ඡායාරූප කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR ) විසින් නොමිලේ ලබා දෙන අතර මෙහිදී සැපයෙන කිසිදු සේවාවක් සදහා මුදලක් අය නොකෙරේ.  වැඩසටහන සදහා මුල්‍ය අනුග්‍රහය දක්වන්නේ  USAID ආයතනයේ SPICE ව්‍යාපෘතියයි.
 
මීට පෙර බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ජංගම සේවා වලින් ජාතික හැදුනුම්පත් 4281 ක් සහ උප්පැන්න සහතික 2121 නිකුත් කර ඇත.   ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික හැදුනුම්පත් 3750 ක් සහ උප්පැන්න සහතික 920 ක්  නිකුත් කර තිබේ. මේ ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් ඇතුළු අනන්‍යතා සහතික අහිමි විසිදහසක පමණ පිරිසකට මෙම ජංගම සේවා මගින් සේවා සැපයීමට අපේක්ෂා කරන බව ද කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.
unnamed
 
unnamed 1
 
unnamed 2
 
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us