ලංකා අලි සිරකරුවන් බේරගන්න ජාත්‍යන්තරය ඉදිරිපත් වේ.

Published in පුවත්
Monday, 07 July 2014 11:48

වසර 35ක් පුරා පිලිපීනයේ මැනිලා සත්ත්ව උද්‍යානය තුළ කුඩා කොන්ක්‍රීට් කූඩුවක් තුළ රඳවා සිටින ශ්‍රී ලාංකික ඇතින්න බේරා ගැනීම සදහා සත්ත්ව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයක් කටයුතු කරමින් සිටී.

පීපල් ෆෝ ද එතිකල් ට්‍රීට්මන් ඔෆ් ඇනිමල්ස් (people for the ethical treatment of animals) සංවිධානය විසින් 'මාලි' නමැති ඇතින්න නිදහස් කර ගැනීම සඳහා අන්තර්ජාලයේ පෙත්සමක්ද මේ වනවිට ආරම්භ කර ඇත.

1977 දී අවුරුදු 3දී සත්ත්ව හුවමාරු ක්‍රමය යටතේ කුඩා ඇතින්න පිලිපීනයට ලබාදී ඇති අතර 'මාලි' නම් මෙම ඇතින්න පසුගිය වසර 35ක කාලයක් ගත කර ඇත්තේ කුඩා කොන්ක්‍රීට් කූඩුවකය. අවිහිංසාවාදී සත්ත්ව සංවිධානවල ඉල්ලීම වනුයේ 'මාලි' තායිලන්තයේ අලි ඇතුන් සඳහාම වෙන් වූ වනාන්තරයට නිදහස් කරන ලෙසය.

මේ වනවිට 'මාලි' ඉතාම දුඛිත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙන එම සංවිධානය අලියකුට අවශ්‍ය අවම පහසුකම් හෝ මෙම වසර 35 තුළදී 'මාලි'ට නොලැබී තිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

මේ සම්බන්ධයෙන් සත්ත්ව උද්‍යාන හා විනෝදාත්මක කටයුතු අමාත්‍යංශ ලේකම් විලී ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කෙළේය.

'මට ඔය ගැන තාම වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් ඉක්මනට මම හොයලා බලනවා. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට කියලා වාර්තාවක් ගෙන්වාගෙන එරට රජය හා බලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඒ සතාට සාධාරණයක් කරන්න ඉක්මනින් කටයුතු කරනවා.

සාමාන්‍යයෙන් සතෙක් තෑග්ගක් විදියට හරි සත්ත්ව හුවමාරුව යටතේ හරි දුන්නාම අවුරුද්දක් පාසා ඒ සතා ගැන හොයලා බලන්න ඕනේ.නමුත් ඒක ප්‍රායෝගිකව හරිම අමාරු දෙයක්. අපි සතෙක් දෙන්නේ ඒ විශ්වාසය මත. කොහොම වුණත් මේ ඇතින්න මෙහෙම දුකක් විඳිනවා නම් හුදෙකලාව ජීවත් වෙනවා නම් ඒ ගැන තීරණයක් ගන්න වෙනවා. ඒ ගැන ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න මම කටයුතු කරනවා.'

(මූලාශ්‍රය- මව්බිම)

Last modified on Monday, 07 July 2014 14:17

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us